
(පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල මාවැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .
දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිරිස්ස ,පොල්අතු මෝදර පදිංචි මතීෂ නෙත්මිණ නමැති 21 හැවිරිදි වෛද්‍ය සිසුවාය . ඔහු පවුලේ ඥාතී තරුණයන් කිහිප දෙනකු සමග මාවැල්ල ප්‍රදේශයේ පිහිටි පවුලේ ඥාතී නිවසකට ගොස් සිටියදී මුහුදේ නෑමට ගොස් රළ පහරකට හසුව ගසාගෙන ගොස් දියේ ගිලී ඇතැයි පොලිසිය කියයි.

